Sunday 3 June 2018

වසන්තය

ඔයා හොඳින්ද මගේ රත්තරන්? අනේ මට ඔයාව පෙනෙන්නේ නැහැ. ළඟිනුත් නෙවේ ඉන්නේ.
අනේ මගේ රත්තරන් පරිස්සමෙන් ඉන්න. අනේ පරිස්සමෙන් පාරේ යන්න. අනේ අයේ දැන්-
ඩෙංගු බෝවෙන කාලයක්. අනේ පරිස්සමෙන් හිදිවී කියල පතනවා ඔයා. හැමවෙලාවෙම මට ඔයාව මතක්-
වෙනවා රත්තරන්. ඔයා එක්ක ඇවිදපු හැටි මතක් වෙනවා. ඒක වසන්ත කාලය හා සමානයි මුළු ජීවිතේම.
මට හිතෙනවා මම ජිවත් උනා කියා. මට ආදරේ දැනුන බබා. මම ආදරේ කලා, කරනවා කරාවි. මතකද ඉස්සර සෙනසුරාදා ඉරිදා ගෙදර ඇවිත් ඉඳල අයේ-
අපහු යනගමන් වෙච්ච රණ්ඩු. මට තවම රැව් දෙනවා. ඒවා උනේ අදරේටම තමා.
මම ඔයාගේ ආදරේටත් ආදරේ කලා. එත් අවාසනාවන්ත විදියට මට තියෙන්නේ මෘග ආත්මයක් බබා. මම දුක් වෙනවා. වැලපෙනවා.
කවදාහරි කාලෙක මම ඔයාගේ තුරුලට අයේ දුවයි. වැළද ගනීවි ඔයාව.(බයවෙන්න එපා මම ඔයාට වදයක් වෙන්නේ නැහැ)
මම පතනවා කවදාහරි ඔයාට මතක් වෙලා මේ පිටුව බලයි කියල. නැත්නම් එක මම එහෙම්මම තියෙන්න අරින්නම්.
එත් මම හැමදාම මෙතනට ඇවිත් ඔයා ගැන මතක් වෙච්ච හැමදෙයක්ම ලියල යනවා.
ඔයා මට එලියදුන්න ඉරක්, හඳක්, වගේම ලස්සනම ආත්මයක්.
මම මගේ මෘග ආත්මේ කවදාහරි ගෙවල ඉවරවේවි බබා. මම ඔයාට හැමදාම මගේ හිතේ තිබුන හැගීම නැති කරගන්නේ නැහැ.
ඔයා දන්නවා මට ඔයාව අමතක කරන්න බැරි බව. මට අමතක කරන්න ඕනත් නැහැ.
මගේ රත්තරන් පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි.

No comments:

Post a Comment