Thursday 21 June 2018

උදේ 7.35. කොහුවලට ලන්වීම.

අසනීපෙන් හිටිය නිසා දවසක් ලියන්න බැරි උනා.
එත් මම මේක අද උදේ ලියන වෙලාවේ ඔයා බස් එකේ. බොහෝවිට ඔෆිස් එකට ලං වෙලා.
රත්තනපිටිය පහු කරගෙන කොහුවල පැත්තට ඇවිත්. අපි මේ කතා කර කර එන වෙලාවක් බස් එකේ.
මට සමහර ඔයා මට වචනයක් නොකියපු ඒවාට තද වෙලා මතකද බස් එකෙන් බහින්න පවා කිව්වා.
අනේ ඒ මගේ කුහක කමකට නෙවේ. හිතේ තියෙන අදරෙටම තමා. මම අද වගේ දවස් වලට ඉක්මනින් වැඩ ඉවර කරලා-
ඔයාව දකින්න කොළඹ දුවනවා මතකද? හැමදේම මතකයි රත්තරන්. අසනීපයෙන් හිටියත් අද උදෙත් හිත මුලින්ම මතක් කලේ ඔයාව.
ඔයා නැති හිතක් මට නැහැ. මාව ඒත් මේ වෙනකොට බොහෝ විට ඔයාගේ හිතේ නැතුව ඇති. කවදාහරි ඔයා මේක දැක්කොත්, බැලුවොත් හිතන්න මගේ හිතේ ඔයා ගොඩක් හිටිය බව. උදෑසන නැගිටිනකොටම මොන අමාරුව තිබුනත් ඔයාව මතක් වෙච්ච බව. පරිස්සමෙන් යන්න බබා. තෙරුවන් සරණයි මගේ බබාට.

No comments:

Post a Comment