Monday 4 June 2018

සැමදින

මට ඔයාව ගොඩක් මතක් වෙනවා වස්තුවේ. මම ඔයාට අයේ වැඩ දෙන්නේ නැහැ.
මම හැමදාම ඔයගැන හිතනවා. ඔයා මට බනිවි. එත් මම කොච්චර නපුරෙක් උනත් මටත් ආදරේ දැනෙනවා.
මම ඔයාට තුරු උනා නෙවේ බබා. සමාවෙන්න. මම ආදරේට පයින් ගහපු මෝඩයෙක්.
මට හැමදාම ඔයාව දැනුන. මටත් ආදරේ හිතුන. ආදරේ කිරීම වරදක්ද බබා?
ඔයාගේ මම ඔයාගේ උපන් දිනේ දවසේ ගහක් හිටෙව්වා. ඒක අද ලස්සනට පැල වෙලා.
මම ඔයාගැන හැමවෙලාවෙම මතක් කරනවා රත්තරන්.
මම මෘග ආත්මයක් ලැබුවත් මට ඔයා නිසා ආදරේ ලැබුන. මට ආදරේ හිතුන වස්තුව මට සමාවෙන්න.
මට මතකයි ඔයා අන්තිමට මට කිව්වා ඔයා මට රිද්දනවා කියල.
මම ඒක හිතෙන් දරාගත්තේ ගොඩක් අමාරුවෙන්. මම රිද්දවන්න උවමනාවකින් නෙවේ හිටියේ.
එත් මට ඔයාට දුක් දෙන්න බැරුවගියා බබා. මටත් හිතක් පපුවක් තියෙනවා.
මම හැමදාම නරක ඒවා විතරද පෙන්නුවේ? මම ඔයාට, ඔයාගේ පැවැත්මට ගොඩක් ආදරේ කලා.
අදත් නිදි නැහැ. මට ඔයාව මැවී මැවී පේනවා අස් වසන වරක්‌ පාසා. හිතන හිතන තප්පරක් පාසා මට මතක් වෙනවා.
මම හැමදමටම ඔයාට........, හොඳින් ඉන්න මගේ රත්තරන්.
කවදාහරි කියෙව්වොත් තේරුම් ගන්න විතරයි. දුක් වෙන්න එපා. මට මගේ හිතේ ඔයා වෙනුවෙන් හැමදාම ඒක තියෙනවා. සදහටම.

No comments:

Post a Comment