Monday 25 June 2018

අමතකවුන කාලයක ජිවත් වීම.

ඔයා හොඳින් ඉන්නවා නේද බබා? මට ඉතින් ඔලුව පුරාම මතක් වෙනවා ඔයාව.
හැමදාම හැමවෙලාවකම හිතෙනවා. හිතෙන දකිනවා ඇස් දෙකෙන්ම දැක්කේ නැතත්.
මට දැනෙනවා මම දැන් නරක හීනයක්, නරක මතකයක් හෝ අමතකවී ගිය නරක මතකයක් විතරම වෙලා කියල.
එහෙම පහුගිය දවස් වල ගොඩක් හිතුන දැනුන. මම දන්නවා ඒක ඇත්තටම වෙලා ඇති.
ඒවා කොහොම උනත් මට ඔයාව අමතක කරන්න කවදාවත් බැහැ. මම ඉතින් මේ මතක අතරේ ජිවත් වෙයි.
කොච්චර හරි කවදාහරි දවසක මේ හිතේ බර, හිතේ අමරුවෙන්ම තමා මම යන්නෙත්.
එත් මොන හරි කලෙක මතු කාලෙක මම ඔයාව හමුවට ඒවි. ඔයා මට මේ අපේ වර්තමානය මතක නැතත්-
ඒ කාලේදී මාව විසිකරලා දාවි. එත් මම අපහු අපහු නැවත ඒවි ඔයා ඉදිරියට. ඕනෑතරම් රිද්දවන්න. තරහ නැහැ.
අපි හමු උනේ නිකන් නෙවෙයි. වැරදුනත් අපි හමු උනේ හේතුවකට. ඒක විනාඩිය, දෙකක්, පැයක්, දවසක් නෙවේ.
අවුරුද්දක් දෙකක් නෙවේ. ජිවිත කාලයක් නෙවේ. ඊටත් එහාවට ගිය එකක්. මම අයෙත් එන්නම්. නරකකෙනේක්වෙලා නෙවේ.
මමත් ඔය වගේම හිතේ අමාරුවෙන් හිටිය කියල මතකයට නගාගන්න බබා. රිදවල පැනල ගියා නෙවේ. අහිමිවීමයි, රිදවිමයි, තවත් කෙනෙක් වේදනා විදිනවා දැනෙන වේදනාවයි හැමදේම හිතේ දරාගෙන තමා ඉන්නේ. මාව අමතක කලාට මම තරහ නැහැ බබා. හැමදාටම පරදෙන්නෙත් නැහැ. හැමදාම අපි දුක් විඳින්නෙත් නැහැ. හැමදාම අපි දුර ඉන්නෙත් නැහැ. හොඳින් ඉන්න.

No comments:

Post a Comment