Friday 29 June 2018

memory.

ඔයා අද වැඩට යන්න ඇති නේද බබා. මට මතක් වෙනවා සිකුරාදාට මම දුවගෙන අපු විදිය.
මිනිත්තුවක් වෙනුවෙන් පැය ගණනක් දහදිය හලලත් කිසිම වෙහෙසක් නොදැනුනු හැටිත්.
වාහනේ එලවාගෙන සුළගක් වගේ වේගෙන් අපු හැටි. එනගමන් කතා කර කර අපු හැටි.
මතකද වහනය නැවතුනු තැන් කීපය. අද එහෙමනම් මම එන දවසක්. හව හතර හමාරවත් වුණා-
මම එදවස් වල එනකොට. එනකන් ඔයා බලන් හිටිය. ඇවිත් අපි කතා කර කර ඔයාගේ ගෙවල් පැත්තට ගිය විදිය.
පුදුමයි මට ඊයේ ලියන්න බැරි උනා. මම උණක් හැදිලා ගොඩක් අමාරුවෙන් හිටියේ. අමතක උනා නෙවේ.
අතීතය වර්තමානයක් කරගෙන මම එකේ ජිවත් වෙනවා. අපි අයෙත් හමු වේවි බබා. ලෝකෙත් සංසාරෙත් හරිම පොඩි තැනක්.
අපි මේ හමු උනෙත් වරදකින්ම වෙන්න බැහැ. මම මෙතරන් නරකනම් මම මෙච්චර ඔයාව මතක් කරන්නේ ඇයි.
මම නරක බව මම දන්නවා. ඒත් හොඳක් මගේ ඇත්තෙම නැද්ද බබා? මම තවමත් ඒ අතීත මතකේ ජිවත් වෙනවා.
හැමතැනකම මගේ හැගීම් ඔයා වෙනුවෙන් තියේවි. මම හැමතැනකම ඉන්නවා. මගේ වටිනාම මතක අතරේ මම ජිවත් වෙනවා.
මට ගොඩක් දැනෙනවා ඔයාගේ වේදනාවත්. ඒවගේම මට දැනෙනවා ඔයා මාව ඔයාගේ මතකෙන් ඇත් කරන විදියත්. මම තරහ නැහැ රත්තරන්.
මම ඒ දඩුවම විදින්නම්. මට කවදාවත් ඔයාව අමතක කරන්න බහ. කරන්නෙත් නැහැ. එහෙම ඕනත් නැහැ. මම මගේ මතක සාගරේ ඇතුලෙම ඉන්නවා එතන ඔයා තවමත් ඉන්නවා. අපි තවමත් ඒ මතක කතාවේ ඉන්නවා. අපි හැමදාම ඉන්නවා. අපි යලි හමු වේවි. කොච්චර වේදනාවක් උනත් මම මේ මතකේ අමතක කරන්නේ නැහැ. පපුව පැලෙන්න දුකයි. එත් ඒවගේම දුකෙන් ඔයත්. මම ඉවසන් ඉන්නවා අපි යලි හමු වේවි.

No comments:

Post a Comment