Saturday 30 June 2018

හැමවෙලාවෙම ඔයා ගැන මතකයක් මගේ හිතට එනවා.

ඔයා හොඳින් කියල හිතනවා බබා. පහුගිය දවස් වල රැට මොකුත් ලියන්න උනේ නැහැ.
මම උණක් හැදිලා ටිකක් අමාරුවෙන් හිටියේ. ඔයා අදගෙදර ඇත්තේ නේද.
බබා අම්ම තවම රස්සාවට යනවදනම් මම ඇත්තට කියන්නේ එයට කියන්න ඇති වෙන්න රෙස්ට් කරන කියල.
අනේ මන්ද ඒවා මට දැන් ඔයාට ලං වෙලා හැමවෙලාවෙම කියන්න වෙන්නේ නැහැ. එත් අනේ අමතක කරන්න එපා.
එයා මතකද අසනීප උනා එක සැරයක්? ඉතින් අයෙත් ඒක වෙන්න දෙන්න එපා. එයට කියන්න වෙයි රෙස්ට් කරන්න නැත්නම් වැඩ අඩු කරන්න-
කියලවත්. මම හිතනවා ඔයා එයාව කදියෝලොජිස්ට් ලඟට අයෙත් එක්කගෙන යයි කියල. එයාව පරිස්සම් කරගන්න බබා.
ඔයත් පරිස්සම් වෙන්න. අනේ ඔයාලගේ ඔෆිස් පැත්තේ ඊට පස්සේ ගෙවල් ඒරියා එක උනත් ඩෙංගු තියෙන පැති.
මම දන්නා මට මේවා කියන්න අයිතියක් නැහැ කියල. එත් මට මතක් වෙනවා රත්තරන්. ඔයාටත් මේවා මතක් වේවා කියල මම පතනවා.
හිටියනම් ළඟ මම එක්ක්කගෙන යන්න බලකරනවා අම්මව.
මම දන්නවා මම දැන් ඔයාගේ මතක මායිමකවත් නැහැ කියල. මට එක දැනෙනවා බබා.
කමක් නැහැ එහෙම උනාට. එත් කවදාහරි කියෙව්වොත් දැනගන්න. මේ ඔයාට මාව අමතක වෙච්ච කාලෙදිත් මම ගොඩක් ඔයාව මතක් කලා කියල.
ගොඩක් අපේ අතීත මතකවල මම තවම ජිවත් උනා කියල. මම හැමදාම ඔයාට හිතින් වෙනස් උනේ නැහැ කියල.
මම කවදාවත් මගේ හැගීම් ඔයාට නැවැත්තුවේ නැහැ බබා. මම හැමදාම ඔයගැන හිතනවා. කොච්චර වේදනා දැනුනත් කමක් නැහැ.
හැමදාම ඔයා මගේ ඔලුව ඇතුලේ සදහටම. ඒ නිකමට වෙන්න බැහැ. හොඳින් ඉන්න.

No comments:

Post a Comment