Tuesday 5 June 2018

ඔබ ගැන සිතමින්.

ඔයා හොඳින් කියල හිතනවා බබා. මම දන්නවා මාව මතක් වෙනකොට අනන්තවත් තරහ යනවා ඇති.
මගේ ගැන හොඳක් මතක් කරන්න දෙයක් නැහැ මම දන්නවා. මම ඔයාට වගේම ආදරේටත් ආදරේ කලා බබා.
කරනවා කරාවි. මම ඔයාව රිද්දන්න හැදුවේ නැහැ වස්තුව. මම තවමත් ඔයගැන හිතනවා. ඔයාට අමතක හෝ අමතක කරන කලෙකදිත් මට ඔයාව ඇස් වහන හැම වාරයක් පාසාම මැවිලා පෙනේවි. ආදරේ එහෙම දෙයක්. ඒක මගේ හිත ඇතුලට අවා. ඒක මට දැනුන.
ඔයාගේ ඒ ආදරේ මට දැනුන. කවදාහරි මට වෛර කලත් නැතත් මම ඔයගැන හැම මොහොතකදීම මතක් කරමින් උන්න කියල මේවා කියෙව්වොත් තේරුම් ගන්න බබා. මගෙනම් ජීවිතේට ඔයාව අමතක වෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. අපි අත්වැල් බැඳගෙන හිනාවෙවී පාරේ ඇවිද්ද හැටි මට මතකයි බබා.
සෙනසුරාදා හවස ඇවිදලා මහන්සියටත් නෙවේ වෙන්වීමේ හිතේ බරෙන් මම වේදනාවෙන් හැමදාම අපහු ගෙදර ගිය හැටි මතකයි. මතකද? ඔයාව අර්කේඩ් එක ඉස්සරහින් බස් එකට නග්ගවල මම යනවා. මම තවම හිතින් ඒ පාරේ ඇවිදිනවා බබා ඔයා එක්ක. මම සමහර වෙලාවට එතනට ඇවිත් යනවා අපිව මතක් කරලා.
මම වැරදි උනත් මෘග හිතකට උනත් ආදරේ දැනුන බබා. එහෙම හිතකට දැනෙන්න ඔයා ආදරේ කලා. මොන ප්‍රශ්න, රණ්ඩු ආවත් මම ඒවා හැම එකේදිම ඒවා අමතක කරලා අයේ ඔයාට ආදරේ කලා.  ඒ වාසියකට නෙවේ. එත් එහෙම කියල කිව්වට මම ඔයා එක්ක තරහ නැහැ. මම කොහොමද තරහක් ගන්නේ ඔයා එක්ක. අද හරියටම මම කොළඹ ඉඳල එනවා වගේ. මතකද ගුඩ් මොර්නින්ග් කියනවා 4.55 නැගිටලා. ඔයා නැගිටිනවා පහට. මම සමහර දවස් වලට ඔයාට කෝල් කරලා නැගිට්ටවනවා. පස්සේ ටිකක් කතා කරලා උයන්න යනවා ඔයා. අයේ එහෙන් මෙහෙන් ඉඳල හිටලා කතා කලත්. අනිවාර්යෙන්ම කතා කරන්නේ 6.40 උදේ. ඒ ඔයා බස් ස්ටෑන්ඩ් එකේ බස් එකට නගින්න ඉන්නකොට. එතන ඉඳල දිගටම හරි. නැත්නම් යේ 7.30 හරි කතාව. මතකද? මම වාහනේ යනවා ඒ වෙලාවට? දොඩන්ගස් ලන්ද හරියේදී අනිවාර්යෙන්ම කතා කරනවා ඔයා. 8 ට ඔයා ඇතුලට යනවා. 9.15 නැත්නම් 9.30 අයෙත්. ඊටපස්සේ අපහු 12.30 ඉඳල එක වෙනකන්. පස්සේ අපහු 3.30. ඊටපස්සේ 4ට කිව්වට 4.06 වගේ අයේ. මට හැමදේම මැවෙනවා බබා. මම තවම ඒ ලෝකේ ඉන්නවා. මම ඔයාට රිද්දන්න අවා නෙවේ. මටත් ආදරේ දැනුන. මට හැමදාම ඒ හැඟීම මගේ හිතේ තියෙනවා ඔයා ගැන. සදහටම. ආත්මයෙන් ආත්මේටම. මම හොඳ මිනිහෙක් වෙයි රත්තරන්. මම එන්නම් ඔයා ලඟට දුවගෙන. හොඳින් ඉන්න බබා. අයේ ලියන්නම්.

(ෆොටෝ එකේ තියෙන්නේ ඔයාගේ උපන්දිනේ දවසේ මම හිටවපු ගහ. කමක් නැහැ පීසා එක බාර නොගත්තට. මම තරහ නැහැ බබා. මම දන්නවා වේදනාවක අමාරුව.)


No comments:

Post a Comment