Monday 15 July 2019

අපේ ආදරය.

මේ ලිපිය අද ලියන්නම හිතුන. මම ඔයත් එක්ක ඉන්න කාලෙදිම ගහක් ගෙනත් හිටවල සාත්තු කලා. ඒක පසු කාලෙක ඔයාගේ උපන්දිනයක් දවසකදී හිටෙව්වා මගේ නිළ නිවාසයට නුදුරින්ම. ඒක හෙමින් හෙමින් ලොකු වෙලා දැන්. ලඟදි බලනකොට එකේ ලොකු අත්තක්/ගොබයක් ලියලනවා. මම හිටෙව්වේ ඒක ඔයාගේ නමින් ඔයාගේ උපන් දිනය දවසකදී. අපි වෙන් උනත් අපේ ආදරේ පවතීවි බබා. අපි වෙන් වුනත් ඒ ගහ ලියලනවා. ඒ අපේ ආදරේනම් ඒ ලියලන්නේ අපේ ආදරේම තමා කියල මට හිතෙනවා. ඔයා මට බනිවි ගස් හිටවන්නද අපි ආදරේ කලේ කියල. නැහැ බබා. මමත් ගොඩක් අසරණ වුණා. ඔයා හැම අතින්ම අසරණ උනා මම ඒක නොදන්නවා නෙවේ. මම දන්නවා. මමයි වැරදි. හැබැයි මට ඔයාට ආදරේ කරන්න බැරිද බබා? මමත් ඔයාට ගොඩක් ආදරෙයි. මම ගොඩක් වැරදියි. මට සමාවෙන්න. සමාව දෙන්න බැරි බවත් මම දන්නවා. ඒ වුනත් මම තරහ නැහැ. මම හැමදාම සාත්තු කරලා ඒ ලියලන්නේ අපේ ආදරේම තමා කියල මම විස්වාස කරනවා. මම ඔයාට හැමදාම ආදරෙයි. මම එදත් අදත් හෙටත් තුන් කලටම ඔයාට ආදරෙයි. හොඳින් ඉන්න රත්තරන්. එකේ පින්තූර පහල තියෙනවා. කවදාහරි ඔයා දැක්කොත් බලන්න.මේක දැන් මටත් වඩා උසයි. ඒ අපේ ආදරේ.



No comments:

Post a Comment